I have just finished reading ‘Lost in Floral Rain’, the first novel written by Mrs. Pushpa Suriyarachchi. Written in simple, easy-to-understand English language, this book perfectly illustrates her ability to establish as a novelist.
The language that Pushpa has chosen to write her first novel will give a glimpse of the social environment and our upbringing in Sri Lanka to a wider audience. What impressed me most was that our son, who was born and brought up in Australia, could enjoy reading it.
When reading the protagonist Kusum’s childhood, it brought many happy memories of my childhood as I felt it as my own childhood. With this feeling, I was more and more motivated to read the book and curious to find out what would happen next. I see this as a unique talent of Pushpa in writing novels. She has been able to use the social and political background of the country appropriately in the novel. The stunning cover, the name of the story, and the drawing on the inner pages help to elevate the story.
I wish you all the best and hope to read more of your creations in near future.
පුෂ්පා සූරියාරච්චි මහත්මියගේ කුළුඳුල් නව කතාව ‘Lost in Floral Rain’ එක හුස්මට කියවා අවසන් කළෙමි. ඉතා සරල, සුගම ඉංගිරිසි බසින් ලියැවුන මෙම කෘතිය, නවකතා කරණයේ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට ඇයට ඇති හැකියාව මැනවින් පිළිබිඹු කරයි.
පුෂ්පා තමාගේ කුළුඳුල් නවකතාව පාඨකයා වෙත ගෙන ඒමට තෝරා ගත් භාෂාව නිසා පුළුල් පාඨක පිරිසකට එය කියවා රසවිඳිමට ඉඩ ප්රස්ථාව ලැබෙන අතර අන්ය ජාතික පාඨකයෙකුට මෙන්ම මෙහි හැදී වැඩෙන අපේ දරුවකුට වුව මේ පොත කියවීමෙන් සිරිලක සමාජ වටපිටාව සහ අපේ හැදියාව ගැන කිසියම් දැනුමක් ලබා ගැනීමට ඉඩ හසර ලැබේ. මා වඩාත් සිත් ගත් කරුණක් වූයේ එම පොත මෙරට ඉපදී හැදී වැඩෙන අපේ පුතාටත් කියවා රස විඳීමට හැකිවීමයි.
කතාවේ ප්රධාන චරිතයට පන පොවන කුසුම්ගේ බාල විය මා ගෙවූ ළමා විය මෙන්ම නොවන්නේදැයි මට සිතුනි. මේ අත්දැකීම් මගේම යැයි දැනෙද්දී ඊලඟට කතාවේ සිදුවන්නේ කුමක් දැයි දැනගැනීමට මසිත තුල වැඩුනු කුතුහලය පොත කියවීමට මා වඩාත් පොලඹවන සුලු විය. එය නිර්මාණ කරණයට ඇය දැක්වූ සුවිශේෂී දක්ෂතාවයක් ලෙස මම දකිමි.
රටේ සමාජයීය හා දේශපාලනික පසුබිම කතාවට සමගාමීව ඉතා උචිත ලෙසින් සුදුසු තැන්හිදී ඈඳා ගැනීමට ඇය සමත් වී ඇත. දැකුම්කළු පිට කවරයත්, කතාවේ නමත්, ඇතුල් පිටුවල ඇඳි සිතුවමුත් කතාව ඉහළ තලයකට නැංවීමට උදව් කරයි. නවකතාකරණයට පිවිසුන පුෂ්පාවන් මතු දින සාහිත ලොව එකළු කරන පුන්සඳක් වේවා'යි මම ඉත සිතින් පතමි.

Malee Dissanayake
Copies from the second print of the novel "Lost in Floral Rain" are available for sale in Australia. Those who are willing to purchase a copy are kindly requested to refer to information given in the following location: https://lostinfloralrain.blogspot.com/2023/05/how-to-buy-copy-of-lost-in-floral-rain.html
All revenue raised from the sale of "Lost in Floral rain" will be used for the charity named "Project Home Owl". For details of "Project Home Owl" charity please visit: https://lostinfloralrain.blogspot.com/2019/05/introducing-project-home-owl-charity.html
For details contact: pushpa.suriyaarachchi@yahoo.com.au.
No comments:
Post a Comment